Follow by Email

Wednesday, May 19, 2021

විසාල නුවරක් වූ අසිරිමත් දිල්ලිය



අසිරිමත් දිල්ලි නගරය භාරතයේ අගනුවරයි.අතීතයේ සිට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක නිජබිම වූ   උතුරු මධ්‍ය ඉන්දියාවේ යමුනා ගඟ අසබඩ  ඇති දිල්ලි නගරය ක්‍රිව.1911දි ඉන්දියාවේ අගනුවර ලෙස සැලසුම් කර ඉදිකිරීම් ආරම්භ කරන ලදී,මිට පෙර ඉන්දියාවේ අගනුවර වුයේ කල්කටාවයි.

පැරණි දිල්ලි නගරය ඉන්දියාවේ ආර්ථික සහ දේශපාලනික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කල අතර මේ නගරයේ පිහිටීමේ ඇති සුවිශේෂී බව අගනගරය ලෙස පසුකලක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් තෝරා ගැනීමට හේතු විය.ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි ශාස්ත්‍රපති භාවන,රතු බලකොටුව (අග්‍රා), පාර්ලිමේන්තුව , (Supreme Court) ශ්‍රේෂ්ඨාධිකරණය ,ඉන්දියාවේ ගේට්ටුව ලෙස හැඳින්වෙන නවදිල්ලියේ යුද්ධ ස්මාරක කුළුණ නගරයේ සුවිශේෂී ස්ථානයන්ය. දිල්ලි නගරයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී V වන ජෝර්ජ් අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව 1911 දී  මෙම අග නගරය ඉදි කිරීම ආරම්භ කලේය.බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී  Edwin Lutyens විසින් නවරය සැලසුම් කල අතර A.E.P. Grison සහ William Mustoe අතින් නගරයේ උද්‍යාන අලංකරණය සහ ගස් වැල් වැවීම සිදු විය.එකල ප්‍රතිරජයාගේ  මන්දිරය කොරෝනේෂන් උද්‍යානයේ  සාදන ලදී.

වර්ග කිලෝමීටර් 42.7 ක භුමි ප්‍රමාණයක් පුරා ඉන්දු ගංගා තැනිතලාවේ පැතිර ඇති මෙම ප්‍රදේශය භූකම්පන කලාපයක පිහිටීමද විශේෂ ලක්ෂණයකි.2011-2015 අතර කාලසීමාව තුල මැග්නටික් 5.40 වැඩි භූචලන කිහිපයක්ම සිදුව ඇත.දිල්ලි නගරයේ උණුසුම් කාලගුණයක් පතින අතර  උණුසුම් සමයේ 32C දක්වා වැඩිවේ,සමහර කාලවලදී දුවිලි කුණාටු ද දැකිය හැක. 

මෑත කාලයේදී දිල්ලි නගරයට ස්වභාවික අපදා මෙන්ම මිනිස් ක්‍රියාකාරිත්වයේ බලපෑමෙන් ව්‍යවසන රාශියකටද මුහුණ පෑමට සිදුවිය.2015 සමීක්ෂණ වාර්තා වලට අනුව ලෝකයේ නගර 1600කින් වඩාත්ම වායු දුෂණයට ලක්වූ නගරය ලෙස වාර්තා විය.2016 දී එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂා කිරීමේ ඒජන්සියකට අනුව ලොව ජනාකීර්ණම නගරය ලෙස වාර්තා වූ අතර 2019 දී දෙවෙනි වරටත් වාර්තා විය. 

 නව දිල්ලිය නැගෙනහිර සිට බටහිරට බෙදී යන අක්ෂාංශයෙදී  විස්ටා උද්‍යානය පිහිටා ඇති අතර හෙක්ටයාර් 10.5ක් පුරා විහිදී ඇත.මීටර් 40ක පමණ උසැති නෙලුම් විහාරය දිල්ලියේ ඇති තවත් සුවිශේෂී නිර්මාණයකි.

උතුරු ඉන්දියාව ඉන්දියාවේ විශාලතම ආර්ථික නගරය වන අතර තොරතුරු හා තාක්ෂණවේදය ,හෝටල්,බැංකු ,මාධ්‍ය සහ සංචාරක කර්මන්තය් මගීන් බටහිර ව්‍යවස්තදායකයින් විශාල සංඛ්‍යාවක් 2010 වසරේ සිට මෙම නගරයට ඇදී ඒම සිදුවිය.2011 ලෝක ධනවත්කම දක්වන වාර්තාවේ දිල්ලි නගරයේ ආර්ථික ක්‍රියාකාරිත්වය 39 වන ස්ථානයට  පත්විය.දිල්ලි නගරයේ සිදුකල ආර්ථික සමීක්ෂණයකට අනුව එම පුරවරය තුල නිෂ්පාදන ධාරිතාව 2004-2005 වර්ෂ වලදී රුපියල් බිලියන 830,85ක් ද ,ඒක පුද්ගල  ආදායම රුපියල් 53,976ක් ද වූ අතර 2008 -2009 දී රුපියල් 1.16.886ක්. විය.

ඉන්දියාව ආර්ථික ශක්තියෙන් සහ යුධ ශක්තියෙන් ලොව බලවත්ම රටක් වන අතර චීනයට පසුව ලොව ආර්ථික බලවත්ම රට බවට පසුගිය කාලයේ අනාවැකි පත්කර තිබුණි.මේ වන විට ලෝකයේ තිරිඟු ,ගල් අඟුරු, යකඩ වානේ  නිෂ්පාදනය කරන රටවල් අතරින් දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවන අතර යුධ අවි සහ න්‍යෂ්ටික අවි අයත් ලෝක බලවතුන් අතරින් සිවුවන ස්ථානය  ඉන්දියාවට හිමිවේ.

නමුදු අවාසනාවකට කොරෝනා වෛරසය වර්තමානය වන විට ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන අතර දිල්ලි බලධාරීහු එරට හමුදාවෙන් සහය ඉල්ලා සිටිති. ඉන්දියාවේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරි ගොස් ඇති අතර ඔක්සිජන් හිඟයකටද මොවුන් මුහුණ පා තිබිම ඛේදනීය තත්වයකි.අධික ජනගහනයක් මෙම නගරය තුල ජීවත්වීම රෝග ව්‍යාප්තිය සීඝ්‍ර වීමට හේතුවන්නාක් මෙන්ම සේවා සැපයීමේ දුෂ්කරතාවයක් වීමද හේතුවක් වී ඇත,

වසංගතය ආරම්භයේ පටන් මේ වන විට  වාර්තාගත ආසධිතයින් ගණන මිලියන 20 කට අධික වී ඇත.ගෙවුණු සති දෙකක කාලය පුරාවට පමණක් ආසාධිතයින් දිනකට  30000 කට අධික ප්‍රමාණයක් දීනකට වාර්තා විය.දැනට ඔක්සිජන් සහිතව රෝගීන් 10000 කට ප්‍රතිකාර කල හැකි සායන සහ අධි සත්කාර එකක 1000 ක් පමණ බලධාරීන් විසින් හමුදාවේ උපකාරයත් සමගින් දිල්ලි නගරය පුරා ව්‍යාප්ත කරගෙන යාමට කටයුතු කරමින් සිටිති.

දිනකට ටොන් දහස් ගණනක් ඔක්සිජන් ඉන්දියාව විසින් නිෂ්පාදනය කලත් බෙදා හැරීමේ ජාලය මත පවතින ආයෝජනයේ දුර්වක් බව හේතුවෙන් මෙයට අභියෝග පවතින බව ඉහල තලයේ නිලධාරීන් ප්‍රකාශ  කරති.ලොව එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා වූ ඉන්දියාවත් කොවිඩ් ඉදිරියේ අසරණ වූ ආකාරය ඉතාමත් ඛේදනිය වේ.මේවන තෙක්ම කොවිඩ් පළමු මාත්‍රාව ඉන්දියාවේ දී ඇත්තේ බිලියන 1.5ක් වූ ජනගහනයෙන් 10% - 11%  අතර ප්‍රමාණායකට පමණි.

ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක වූ බාරකා දත් පවසා තිබුනේ ඉන්දියාව බිඳුණු රටක්.රටවැසියන්ට හිංසා කරන රටක් බවට පත්වී ඇති බවයි.මන්ද කොරෝනා වසංගතය ඇයගේ 80 හැවිරිදි පියාවද බිල්ලට ගත් හෙයිනි.ඇයගේ පියා දැඩි සත්කාර ඒකකයේ සිටියදී පවා ඇය දිල්ලිය විශාලා නුවරක් බවට පත්වී ඇති ආකාරය පිලිබඳ හෙළිදරව් කලාය.මේ වන විට ඉන්දියාවෙන් හමුවන ආසධිතයින් ප්‍රමාණය ඉන්දියාවට දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොසින්ය.දිල්ලි රෝහල් ඉදිරිපිට දක්නට ලැබෙන්නේ දරා ගැනීමට නොහැකි රෝගීන් තදබදයක දර්ශනයකි.

සෞඛ්‍ය නීති කඩකිරීම මෙන්ම දැඩි ආගමික මතවාද සහ මිත්යා විශ්වාස නිසා එක්රැස් වී ආගමික කටයුතුවල නියැලීම ,අපවිත්‍ර ජලයේ යාග හෝම වල නියැලීම,එක් රැස් වී නියැලෙන දේශපාලන ක්‍රියාකාරකම් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිර යාමට හේතුවී ඇත.

බුදු දහමේ කියවෙන  අනිත්‍ය පසක් කරමින් ඉන්දියාවද , දිල්ලි නගරයද  ආර්ථික හා යුධ ශක්තියෙන් කෙතරම් දැවැන්ත රටක් වුවද අද තුන්බිය හමුවේ ඛේදනීය විසාලා මහනුවරක් බවට පත්ව ඇත.

2 comments:

ඔබෙ දිය පොදත් එක් කරන්න.........